අනියම් බිරිය ඝාතනය කළ අයෙක් දිවි හානි කර ගනී


(දයාරත්න ඇඹෝගම)
 
මිහින්තලේ, අඹතලාගම නිවසකදි සිය අනියම් බිරියගේ ගෙල පිහියකින් කපා ඇය ඝාතනය කර එම පුද්ගලයාද කාමරයේ බාල්කයක එල්ලි සිය දිවි හානි කර ගෙන ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
 
මෙසේ  පිහියකින් ගෙල කපා ඝාතනය කොට ඇත්තේ ත්‍රිකුණාමලය මාර්ගයේ, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි පි.බි.වසන්තා තිලකරත්න(48)නැමති විවාහක කාන්තාවකි.
 
සිය දිවි හානි කර ගෙන ඇත්තේ හිගුරුවැව, ඇල්ලවැව, ගලෙන්බිදුණුවැව පදිංචිව සිටි ගාල්ලගේ කංකානම්ලාගේ සිරිසේන(58) නැමති විවාහක පුද්ගලයෙකි.
 
ඝාතනයට ලක්ව ඇති කාන්තාව මෙම සිය දිවි හානිකරගත් පුද්ගලයා සමග දිර්ඝ කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම හේතුව නිසාම මෙම කාන්තාවගේ සැමියාද ඇගෙන් වෙන්වි තිබේ.
 
මෙම සිය දිවි නසාගත් පුද්ගලයා මෙම කාන්තාවගේ නිවසට නිතර ආගිය අතර මුදලින්ද ආධාර කර ඇතත් පසුගිය දිනක එම කාන්තාවගේ දරුවන් ඔහුට නිවසට නොපැමිණෙන ලෙස දන්වා තිබිම නිසා ආරවුලක් හටගෙන තිබි ඇති අතර තමන් එම කාන්තාවගේ දරුවෙකුට ලබාදුන් ලැප්ටොප් වර්ගයේ පරිගණක යන්ත්‍රයද ආපසු ලබාදෙන ලෙස මෙම පුද්ගලයා ඉල්ලා ඇතත් එය නැවත ලබා නොදිමේ හේතුවෙන් මිහින්තලය පොලිසියටද පැමිණිලි කර තිබුණි.
 
මෙම සියදිවි නසාගත් පුද්ගලයා ගලෙන්බිදුණු වැවප්‍රදේශයේ එළවළු වෙළදාමේ නිරත වන්නෙකි.
 
පසුගිය සතියේ ඔහු මිහින්තලේ, අඹතලාගම ප්‍රදේශයෙන් නිවසක කාමරයක් කුලියට ගෙන තිබුණ අතර ඝාතනයට ලක්වු කාන්තාව එම කාමරයට ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය කියයි.
 
එහිදි මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාන්තාව ඝාතනය කිරිමට යොදාගත් පිහියද පොලිසිය මගින් සොයා ගෙන තිබුණි.මොවුන් දෙදෙනාගේ දේහයන් සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය අද (14)දින සිදුකිරිමට නියමිත විය.
 
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.