අනියම් පෙමට පිටුපෑවැයි නීතිඥවරියට පිහි පහර


(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

අනියම් ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් රජයේ නීතිඥවරියකට අද රාත්‍රියේ පිහිපහර එල්ල කල හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත්බව  පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 39 හැව්රිදි හිටපු හමුදා සෙබළෙකු බව පොලිසිය කීය.

පහරදීම යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය පවසයි .

සැකකරු නීතිඥවරිය සමග කලක පටන් අනියම් ප්‍රේම සම්බන්දයක් පවත්වා ඇති බවත්, ඇය මෑතකදී ඔහු මගහැර සිටීම හේතුවෙන්  ඇය පානදුර දුම්රියෙන් බැස නිවසකරා අද යමින් සිටියදී  පිටට සහ අතට පිහිපහර තුනක් එල්ලකර ඇති බවත් පොලිසිය කීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමෙදී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි රථවාහන අංශ නිළධාරීයෙක්ද සුළු කැපුම් තුවාල ලබා ඇතැයිද සදහන් වේ.

තුවාල ලැබු නීතිඥවරිය පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.