අන්තරේට තහනමක්


(ඉන්දිකා රාමනායක)

කොළඹ දී අද (7) පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුලු 13 දෙනකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නියෝගයක් නිකුත් කර ඇත.

මෙම විරෝධාව අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාල, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොරපිටිය සහ ගාලුමුවදොර වටරවුමේ සිට එන් එස් ඒ වටරවුම දක්වා මාර්ගට ඇතුලු වීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් මෙම ආඥාවක් නිතුක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

එසේම පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසටත්, මහජනයා ප්‍රකෝප විය හැකි ප්‍රචන්ඩක්‍රියාවන්වල නිරත නොවන ලෙසටත් ඉල්ලා නියෝගය නිකුත් කර ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, හිටලු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුලු 13 දෙනකු වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් පැවසීය.