
(ඉන්දිකා රාමනායක)
කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(26) පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය.
විහාර මහාදේවී උද්‍යානය අසල අසලින් ආරම්භ කළ මෙම විරෝධතාවය කොළඹ පුරහල දෙසට ගමන් කිරීමත් සමගම පොලිසිය ඔවුන් නවතා ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීය.
මේ හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





