අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනතට එරෙහිව පෙරට එන්න යන තේමාව මුල් කරගනිමින් අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්කෝ සංවිධානය කළ විරෝධතාවක් කිරිබත්ගොඩ නගරයේදී අද පැවැත්විණි.

වත්මන් රජය විසින් ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක පනත මගින් හමුදා ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි විශ්ව විද්‍යාල සිසුන් බඳවා ගැනීම , උපාධි පිරිනැමීම හා පාසල් ආරම්භ කිරීමට පවා මෙම පනත මගින් අනවශ්‍ය බලයක් ලැබෙන බවත් වහාම එය හකුළා ගන්නා ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.