(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට හැව්ලොක් සිටි හිදි සහ පුරහල අසලදි මීට සුළු වේලාවකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.
මෙසේ ප්‍රහාරයට ලක් වූයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ටවුන්හෝල්හි පැවැත්වීමට සංවිධානය කළ විරෝධතාවයට එක්විමට හැව්ලොක් සිටිහි විලාසිතා නිවස අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනට එක්වු සිසු සිසුවියෝය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ එයට එක්ව සිටියහ.

