(චාපා මධුභාෂිණී)
මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මැදිරිගිරිය 800 කොළණිය ප්‍රදේශයේ නිවාස රැසක් වැසි ජලයෙන් යටවී ඇතැයි ගම්වාසීහු පවසති.
ස්වාභාවික ජල බැස්ම අවහිර කරමින් අනුමැතියකින් තොරව විවිධ ඉදිකිරීම් සිදු කිරීම හා විධිමත් කාණු පද්ධති සහ බෝක්කු ඉදි නොකිරීම මීට මූලික හේතුව බව ගම්වාසූහු චෝදනා කරති.
මේ පිළිබදව විමසීමට මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒම්.ජි.යූ.ඒස්.කේ වික්‍රම ආරච්චි මහතාගෙන් කළ විමසීමකදි මෙසේ කීය.
ඔය ප්‍රදේශයේ එක් ජල බැස්මක් තිබුණා මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රධාන මාර්ගයට අනෙක් ජල බැස්ම තිබුණා මේ කියන ජල බැස්මයන් දෙකම අවහිර වන ලෙස විවිධ පුද්ගලයින් ඉඩම් කට්ටි කරලා විකුණලා ඒ් ඒ් පුද්ගලයින් ඒ්වා පස් යොදා බිම උස්සලා තියෙනවා. ඒ් කාලේ සභාව තිබුනේ නෑ.