අනතුරු දහයයි:මරණ දොළහයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊයේ (1)  දින සිදු වූ මාර්ග අනතුරු 10 කින් පුද්ගලයන් 12 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මියගිය පිරිස අතර පදිකයන් පස්දෙනක, ත්‍රිරෝද රථවල ගමන් ගත් පුද්ගලයන් 4 ක්,යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ලොරි රථයක ගමන් ගත් පුද්ගලයකු ද ඒ අතර වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.