(ජේ.කේ.එල්. චාමින්ද)
රූමස්සල කදුවැටියේ ගල්පර්වතයක වැදී සිරවී ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තෙල් ටොන් 10ක් 15ක් අතර සංඛ්‍යාවක් තිබෙන බවට වාර්තා වී ඇති බවත් එම තෙල් මුහුදු ජලයට කාන්දු වීමට ඉඩ නොදී වළක්වා ගැනීම සමුද්‍ර ජිවී පරිසර ආරක්ෂණ අධිකාරියේ අරමුණ බව එම අධිකාරියේ සාමාන්‍යාධිකාරි අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
මුහුදු රළු නිසා මෙති තෙල් මුහුදු ජලයට කාන්දුවිමේ අවදානමක් පවතින බව සඳහන් කළ සමුද්‍රජිවි පරිසර අධිකාරයේ සාමාන්‍යධිකාරිවරයා එය වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරිම තම අරමුණ බවද සඳහන් කළේය. මේ පිළිබඳ අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරිවරයා මෙසේ ද කීවේය.
නෞකාව තිබෙන ස්ථානයට ඇවිත් පරික්ෂා කර බලා තමයි ගන්නා ක්‍රියා මාර්ග ගැන කියන්න පුළුවන්. සමුද්‍රජිවී පරිසර ආරක්ෂණ අධිකාරිය පැත්තෙන් අපි බලන්නේ. මෙකී තෙල් මුහුදට කාන්දු වීමට ඉඩ නොදී සමුද්‍රය වන හානිය අවම කරගන්න. තවම එහෙම තෙල් කාන්දුවිමක් වෙලා නැහැ. නමුත් මුහුද රළු නිසා තෙල් කාන්දුවිමේ අවදානමක් තියෙනවා. ඒ නිසා නෞකාවේ තියෙන තෙල් ටික ඉවත් කරගැනීම තමයි කළ යුත්තේ ඒ ගැන තමයි ඇවිත් සොයා බලන්නේ. එම ස්ථානයේ දැනට පවතින තත්වය පරික්ෂා කරලා ටැංකිවල තෙල් පොම්පා කරලා වෙනත් නැවකට දමනවාද ටැංකිවලට හා බැරල්වලට දමන්න පුළුවන්ද කියලා සොයා බැලිය යුත්තේ යැයිද ටර්නි ප්‍රදිප් කුමාර මහතා පැවසීය.
සමුද්‍රජිවී පරිසර අධිකාරයේ සාමාන්‍යධිකාරි ඇතුළු පිරිසක් මේ ගැන සොයා බැලීම සඳහා අද (19) නෞකාව අනතුරු වූ ස්ථානයට පැමිණීමට නියමිතය.

