ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී අනතුරට පත් ඉන්දීය දීවර යාත්‍රාවක ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මේ වන විට ඉන්දීය ජාතික ධීවරයින් අට දෙනෙකු (08) මුදා ගෙන ඇති අතර, තව දුරටත් නාවික හමුදාව මඟින් ප්‍රදේශයේ සෝදිසි කටයුතු කර ගෙන යමින් පවතී.
ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වි ඇතැයි කියති. මුහුදේ පැවැති රළු ස්වාභාවය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයිද නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝණය කරමින් ඉන්දියනු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එය නිරීක්‍ෂණය කර ඔවුන් ඇල්ලීමට යද්දී පළා ගිය යාත්‍රා 02 ක් ඊයේ (12) රාත්‍රියේදී මෙලෙස අනතුර ලක්ව තිබේ.
එහිදී ධීවර යාත්‍රා 02 ක් සහ ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී ඇත.
සෙසු ධීවර යාත්‍රා නැවතත් ඉන්දියානු මුහුදු සීමාව දෙසට පලා ගොස් ඇතැයිද නාවික හමුදාව පවසයි.
බේරා ගත් ධීවරයන් මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇතැයි නාවික හමුදාව පවසයි.
(36698)