අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට


           ( චන්දන ප‍්‍රනාන්දු )
                                                                                                                                               

වෙන්නප්පුව පොලිස් බල ප‍්‍රදේශයේ තෝප්පුව දන්කොටුව මාර්ගයේ අද (20) අලුයම සිදු වු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

 
මෙලෙස මියගොස් ඇත්තේ දන්කොටුවේ පදිංචි රෝෂාන් ප‍්‍රදීප් (35) නැමති අයෙකි.
 
අද (20) අලුයම 12 ට පමණ තෝප්පුව දෙස සිට දන්කොටුව දෙසට ගමන් ගත් යතුරුපැදියක් තඹරවිල ප‍්‍රදේශයේ දි එක්වරම මාර්ගය දෙසට පෙරළිමේදි පිටුපසින් එම දෙසටම ධාවනය වු මෝටර් රථයක ගැටි බරපතල තුවලා ලැබු යතුරුපැදිකරුව මීගමුව රෝහලට ඇතුල් කිරිමේදි මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
 
 මෙම අනතුර සම්බන්ධයෙන් තඹරවිල පදිංචි මෝටර් රථයේ රියදුරා  සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.