(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිසබයේ ඇතැම් කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් කතා බහක් මතුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
මේ උණුසුම් තත්ත්වය ඇතිවූයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.
පාර්ලිමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට ඇතැම් නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවෙනවා කියලා මාධ්‍යවල ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා. මේ ගැන පැමිණිල්ලක් ඕන නම් මුජිබර් රහුමන් මන්ත්‍රීතුමා කරපු පැමිණිල්ල ප්‍රමාණවත්. මේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපය ගැන ප්‍රශ්නයක් මතුවෙනවා.
මේ සිද්ධිය නිසා තොරතුරු පද්ධති සහ කළමනාකරණ අංශයට මීට පස්සේ කිසිම කාන්තාවක් එන එකක් නෑ. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ලේකම් මණ්ඩලය පැහැදිලි විමර්ශනයක් කරලා මේ ගැන රටට යමක් කියන්න ඕන. එහෙම නොවෙයි නම් කතානායකතුමා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන. මේකේ ඇත්ත සිද්ධිය හොයන්න ඕන.
මුජිබර් රහුමාන් මහතා
පාර්ලිමේන්තුවේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් මන්ත්‍රීවරුන් විදිහට අපිට ඒක බලපානවා. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නය මතු කළේ. ජනමාධ්‍ය මේ සිද්ධිය අනාවරණය කරලා තිබුණා. මෙතන අකටයුත්තක් සිද්ධ වෙනවා නම් දෝෂාරෝපණය එන්නේ මන්ත්‍රීවරුන්ට. දැන් එහෙම තමයි සමාජ මතය හැදිලා තියෙන්නේ.
මෙතන කාන්තාවන්ට සිදු වෙන හිරිහැර ගැන මීට පෙරත් පුවත්පත් වාර්තා පළ වුණා. මෙහෙම දේවල් වෙනවා කියලා. සමහර අවස්ථාවලදී ප්‍රධාන ලේකම්තුමිය අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. සමහරුන් වැඩ තහනමට පවා ලක් කළා. මේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි කලින් පාර්ලිමේන්තුවෙත් මේ වගේ සිද්ධ වුණා. මාධ්‍ය ඒවා වාර්තා කළා. මට ලැබිච්ච තොරතුරු තමයි මම වාර්තා කළේ. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරලා ඇත්ත හොයාගන්න. හොයාගෙන කටයුතු කරන්න.
නලින්ද ජයතිස්ස මහතා;
මම කියන්නේ ඒක තමයි. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා තමයි මම කියන්නේ.මේක කොයි කාලෙ සිද්ධ වෙච්ච වැඩක්ද
රහුමන් මහතා;
මේක අලුත් දෙයක් නොවෙයි. පහුගිය පාර්ලිමේන්තුවෙත් මේ වගේ දේවල් සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් හොයලා බලලා තීන්දුවක් ගන්න.
කතානායක;
අපි ඊයේම මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. ඒ කාන්තාවන් කැඳවා විමර්ශන කරන්න කියලා මම දැනුම් දීලා තියෙනවා.
මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය;
මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයට නම් තවම මේ ගැන පැමිණිල්ලක් ලැබිලා නැහැ. මන්ත්‍රීවරුන්ට යම් මතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙසේ ප්‍රකාශ නිකුත් කිරීමේදී සමාජයට වන හානිය ගැනත් අවධානය යොමු කරමින් ඒවා ඉදිරිපත් කළොත් හොඳයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඊයේ ඒ කතාව කිව්වේ වාචාල කමට නොවේ. එතුමා බොහොම වගකීමෙන් රටේ ප්‍රශ්න ගැන අහන මන්ත්‍රීවරයෙක්.