
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු කේ ඩඩ්ලිව්. කණ්ඩම්බි මහතා පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹ මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ග වල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්වය පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා ඇතැයි අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය
මෙම පහසුකම තීරෝද රථ සහ යතුරුපැදි සඳහා වලංගු නොවන බව වැඩිදුරටත් දන්වා සිටි

