(පද්මිණි මාතරගේ)
කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා මේ වන විට අබලන් තත්ත්වයට පත් වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියස නව ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරිම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වන විට වෙන්කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැගිල්ලක් අධිකරණ හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් විනිසුරුවන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක ඉදිකිරීමට නියමිතව ඇත.
ඩොලර් මිලියන 94.55 ක මුදලක් අධිකරණ පියස ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් වැය කිරීමට නියමිත අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව ද අධිකරණ හා බණ්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

