අධිකරණ භූමියට බලෙන් යන්න ආ පිරිසක් වළකයි


නිරෝධායන නීති කඩ කරමින් බත්තරමුල්ල පොල්දුව වටරවුමේ  විරෝධතාවක නිරත වු  31 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි පිරිසක් කලබල කිරීම නිසා දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.

පිටස්තර පුද්ගලයන් අධිකරණ භූමියට  ඇතුළු වීම උත්සහ කිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

කෙසේ වුවද කිසිවකුටත් අධිකරණ භූමියට ඇතුළු විමට පොලිසිය ඉඩ ලබා දුන්නේ නැත.

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)