අධිකරණ තීන්දුවට පිටුපා පොලිසිය මාධ්‍යයට බාධා කරයි


(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීම විවෘතව සිදුකරන ලෙසට අධිකරණය දැනුම් දී තිබියදීත් පොලිසිය මාධ්‍යයට අවහිර කළ බව මාධ්‍යවේදීහු චෝදනා කරති.

එම ස්ථානයට මාධ්‍යවේදීන්ට යාමට ඉඩ නොදී මාධ්‍ය කටයුතුවලට පොලිසිය බාධ කර ඇතැයි ද මාධ්‍යෙව්දීහු පවසති.

සිරුර ගොඩ ගැනීම කටයුතු රහසිතව සිදුකරන ලෙසට පවුලේ ඥාතීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය  ප්‍රතික්ෂේප කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගන්නා අවස්ථාව රහසිතව සිදුකිරීමට අවසර දෙන ලෙසත් එය නිරික්ෂණය කිරීම සදහා පවුලේ වෝහාරික වෛද්‍යවරයා එම ස්ථානයට කැදවීමට අවසර ලබා දෙන ලෙසත් මරණකරුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා එලෙස ඉල්ලීමක් කළේය.

මෙම මරණයට අදාළව විශාල කැපකිරීමක් සිදුකළ අධිකරණය එය ස්වාධීනව කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් එයට බලපෑම් එල්ල කිරීමට තමන් අකමැති බවත් සදහන් කළ මහේස්ත්‍රාත්වරිය, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර අද (25) පෙරවරු 8.30 වන විට දේහය ගොඩගන්නා ස්ථානයට පැමිණෙන ලෙසට පවුලේ ඥාතීන්ට නියෝග කළාය.