
(අංජුල මහික වීරරත්න)
ටැන්සානියාවේ සැන්සිබාර් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වෙයි.
මාර්තු 04 සිට 08 වන දින දක්වා තාක්ෂණය හා නවොත්පාදන යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ.
නව තාක්ෂණය අධිකරණ කටයුතු සදහා යොදා ගැනීම, ඩිජිටල්කරණය, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව, ආබාධ සහිත පුද්ගලයින් සදහා යුක්තිය සදහා ප්‍රවේශය ශක්තිමත් කිරීම, දේශගුණික ප්‍රතිපත්ති, නීති සම්පාදනය යන තේමාවන් මුලික කර ගනිමින් සැමට යුක්තිය සදහා ප්‍රවේශවීම තහවුරු කරමින් සමුළුව පැවැත්වෙයි.

