අධිකරණ අමාත්‍යංශයේ ලේකම්ගෙන් පණිවිඩයක්


(මනෝප්‍රිය ගුණසේකර)

කොවිඩ් -19 වසංගත කාලසීමාවේදී අධිකරණ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණයන් ජනතාවට දැනුම් දෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ අමාත්‍යංශය විසින් බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

අධිකරණ පරිපාලන කටයුතු  සම්බන්ධයෙන්  හෝ අධිකරණ අමාත්‍යංශයේ කාර්යන් පිළිබඳව වෙන් පාර්ශවයන් කරන ප්‍රකාශ නිල ප්‍රකාශ නොවන බව ද මාධ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන සභාවේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිවලින් දැනුවත් විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.