
(අමිල සම්පත් ශ්‍රී සහ චන්ද්‍රසේන ගමගේ)
යාල ජාතික උද්‍යානයේ ප්‍රධාන පිවිසුම අද සිට දින නියමයක් නැතිව වසා දැමූ බව යාල උද්‍යාන බාරකාර මනෝජ් විද්‍යාරත්න මහතා පැවැසීය.
පවතින අධික වැසි තත්වයත් සමඟ යාල වනෝද්‍යානය අද පෙරවරුවේ සිට ජලයෙන් යටවී ඇත.
යාල වනෝද්‍යාලයේ ප්‍රධන පිවිසුමට පැමිණෙන සියලු මාර්ගය ජලයෙන් යටවී ඇති අතර උද්‍යානය තුළ මාර්ගවලින් අඩක් මේ වන විට ජලයෙන් යටවී ඇත
දැනට උද්‍යානය තුළ ඇති සංචාරක නිකේතන 06ක් වසා දමා ඇති බවද සංචාරක නිකේතන දෙකක කොටු වී සිටි සංචාරකයින් පිරිසක් අද පෙරවරුවේදී ආරක්ෂිතව රැගෙන ආ බවද උද්‍යාන පාලකවරයා සදහන් කළේය.
මනෝජ් විද්‍යාරත්න මහතා පැවසුවේ මේ වන විට කටගමුව හා ගල්ගේ පිවිසුම් දෙක විවෘත කොට තිබෙන බවයි.
එමෙන්ම කිරින්ද දෙස සිට යාල උද්‍යානයට පිවිසෙන මාර්ගය මෙන්ම උද්‍යානයට පිවිසෙන යෝදකන්ඩිය හරහා සිතුල්පව්ව මාර්ගයද ජලයෙන් යටවී ඇති බවයි.



