අධික මිලකට ඉන්ධන වික්ක ව්‍යාපාරිකයෙක් මාට්ටු


(චාපා මධුභාෂිණී)

රුපියල් 1300 සහ 1800 අතර අධික මිලකට අලෙවි කිරීම සඳහා ඉන්ධන ගබඩා කර තිබූ ව්‍යාපාරිකයකු අත්අතනකඩවල මඩුදමන ප්‍රදේශයේ දී ඉන්ධන තොගයක් සමග අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි. 

සැකකාර ව්‍යාපාරිකයා වැඩිමිලට ඉන්ධන අලෙවි කරන බවට ලද රහසිගත තොරතුරකට අනුව කළ වැටලීමකදී සිය ව්‍යාපාරික ස්ථානයට යාබදව ඇති නවසේ එම  ඩීසල් තොගය සඟවා තිබි ඇත.

ලීටර 137 සහ පෙට්‍රල් ලිටර 28 පිටරවූ බූලි 7 පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ඩීසල් ලීටරයක් රුපියල් 1300 සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 1500-1800 අලෙවි කර ඇති බවට පොලිසිය කළ මූලික පරීක්දීෂණවලදී අණාවරණය වී ඇත.

දියබෙදුම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක බී.ඩී.ජි.ඒස් ධර්මකීර්ති මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන 66407 ධනපාල, පොලිස් කොස්තාපල්වරුන්වන 67050 වීරකෝන්, 68579 රත්නායක, 28490 ප්‍රියංකර යන නිළදාරීන් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.