(ඩයනා උදයංගනී)
වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (27) දිවුරුම් දුන්නේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා නිල සංචාරයක් වෙනුවෙන් විදෙස් ගත වීම නිසා එම අමාත්‍යාංශයේ වැඩ බැලීම සඳහා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්කරනු ලැබ ඇත.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වා ද අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.