අධ්‍යාපනයේ ගොඩනැගිල්ලක අකුණු සන්නායකය ගලවන් ගිහින්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ ගණනාවක අකුණු සන්නායක තබ පටි තොගයක් එහි සේවය කරන කිසියම් අයකු හෝ කණ්ඩායමක්  සොරාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි.

සොරාගෙන ගොස් ඇති තඹ කම්බිවල වටිනාකම රුපියල් ලක්ෂ 51 කට අධික බව අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරිනියක  තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ගොඩනැගිලි පරිශ්‍රය පුරා සවිකර තිබූ අඩි 1731 ක අකුණු සන්නායක තඹ පටි එලෙස සොරාගෙන ඇත.

එම ගොඩනැගිලි පරිශ්‍රයේ අකුණු සන්නායක තඹ පටි රැසක් කපා ඇති බවට ඉකුත් ජූලි මස 23 වෙනි ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකු අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනාධිකාරියේ අවධානය යොමු කර ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර පියවර නොගැනීමේ හේතුවෙන්  එම සොරකම දිගින් දිගටම සිදු කර මේ ආකාරයෙන් තඹ පටි සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.