අධ්‍යාපනයට රූපවාහිනී චැනලයක්


(රංජන් කස්තුරි)

පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිත “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්" බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී විවෘත කර තිබේ.

පවතින කොවිඩ් තත්වය නිසා සිදුකිරීම සඳහා මෙමගින් සිසුන්ට අවස්ථාව නිමවන බව අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකිරීම සඳහා මෙමගින් සිසුන්ට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

නවීන තාක්ෂනික පහසුකම්වලින් පිරි අධිවේගී  අන්තර්ජාල සබඳතාවලින් සන්නද්ධ මෙම මධ්‍යස්ථානය මගින් ජාතික අධ්‍යාපන ආයතනය සකස්කරන සියලු විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව රූපවාහිනී නාලිකා සහ වෙබ් නාලිකා මගින් සම්ප්‍රේෂණය කිරීමට නියමිතය.