
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු සංගම් දෙකක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද ( 19) උද්ඝෝෂණ දෙකක් අරඹා තිබේ.
රජයට පක්ෂව හා විපක්ෂව කණ්ඩායම් දෙකක් මෙලෙස ඔවුහු විරෝධතාව පවත්වති.
විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන සේවාවල පවතින පුරප්පාඩු 5000 ක් සඳහා ආණ්ඩුව සිදු කිරීමට යන දේශපාලන පත්වීම වහාම හකුලා ගැනීමට බල කරන ඒකාබද්ධ උද්ඝෝෂණය මැයෙන් අධ්‍යාපනය සුරැකිමේ වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයේ නිරතව සිටිති.
‘සැවොම එක්වෙමු, එකට නැගිටිමු , අපේ ශක්තිය පෙන්වමු මැයෙන් පුවරු රැගෙන පොදුජන අධ්‍යාපන සේවා සංගමය මෙලෙස විරෝධතාවයට එක්ව සිටිති.
මෙම විරෝධතා හේතුවෙන් පැලවත්ත බත්තරමුල්ල මාර්ගය දැඩි වාහන තදබදයක් ඇති බව අප වාර්තා කරුවෝ පවසති.
විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිති. ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
විරෝධතාව අතර තුර තුවාල ලැබූ අයකු රෝහල් ගත කර ඇත.




