( මහින්ද නිශ්ශංක )
පිටපළාත්වල ලංකා සතොස අළෙවිසැල් මගින් අද(6) සිට පාරිභෝගිකයන්ට නාඩු සහල් හා පොල් අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.
ඒ අනුව පාරිභෝගිකයෙකුට එකවර රුපියල් 220 බැගින් සහල් කිලෝ පහක් සහ රුපියල් 130 බැගින් පොල් ගෙඩි තුනක් ද ලබා ගත හැකි බව ඔහු සඳහන් කළේය.
සහල් හා පොල් සතොස හරහා පාරිභෝගිකයින්ට අළෙවි කිරීම ඊයේ (5) කොළඹින් ආරම්භ කළ බවත් සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.