අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි


(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් කිහිපයකට අද (16) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල මෙලෙස සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.