අද මැදියම් රෑ සිට දුම්රිය වර්ජනයක්


මහින්ද නිශ්ශංක

දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති 85 කට අධික සංඛ්‍යාවක් අද (3) මධ්‍යම  රාත්‍රී 12 සිට අඛණ්ඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානයේ මහතා පැවසීය.

රාජකාරිය කාලය තුළදී බීමත්ව සිටීම සම්බන්ධව වැඩ තහනම් කරන ලද දුම්රිය වෘත්තීය සමිතියක ලේකම්වරයකු නැවත සේවයේ පිහිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරි බලපෑම් කිරිමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.