(යොහාන් භාසුර)
විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් පැය 3 ක විදුලි කප්පාදුව නැවතත් අද දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

