
උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම සිදු කළ යුතු අතර වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
කුඩා දරුවන් වාහනවල තනියම රඳවා නොයා යුතු අතර අධික වෙහෙසකාරි කටයුතු සීමා කළ යුතු බවද දැනුම් දෙයි

