අද කාලගුණය


ඌව පළාත ,  අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (05) ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වලත්, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට තරමක තද වැසි ඇති විය හැකි බවද  එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි .