(ඩයනා උදයංගනී)
සබරගමුව, මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු සහ උතුරුමැද පළාත්වල මද වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 30, 40 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය.

