අතුරුදන්වුන්ගේ-අවතැන්වුවන්ගේ මා පිය සංගම්වලින් වැඩසටහන් රැසක්



 
(දයාරත්න ඇඹෝගම)


අතුරුදන්වුවන්ගේ මාපිය සංවිධානය සහ යුද්ධයෙන් අවතැන්වු කාන්තාවන්ගේ සංවිධානය හා එක්ව අවිහිංසාව තුළින් තිරසාර සංවර්ධනය යන තේමාව යටතේ සංවිධානය කළ වැඩ සටහන කිහිපයක් අද (13)දින අනුරාධපුර නගරයේදි පැවැත්වුණි.


මෙම පිරිස පසුගිය 11 වැනි දින කොළඹ සිට යාපනය දක්වා විශේෂ දුම්රියකින් ගමන් කොට 12 වැනි දින යාපනය මහජන ක්‍රිඩාංගණයේදි සාමය පිළිබදව පැවති  වැඩ සටහනකට සහභාගවි නැවත අද (13)දින අනුරාපුරයට පැමිණ තිබුණි.


අනුරාධපුරයට පැමිණි මෙම පිරිස උදෑසන ශ්‍රි මහා බෝධිය ඉදිරිපිට සහ කදිරේෂන් කෝවිලේ පැවති ආගමික වතාවත්වලටද සහභාගි විය.


අනතුරුව අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිටදි සාමය සංකේතවක් කරමින් බැලුම් 300 ක් උඩු ගුවනට මුදා හරිමින් විදි නාට්‍යයක්ද රග දැක්විය.