
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයසඳහන් කරයි.
තුවාල ලද පුද්ගලයා 26 හැවිරිදි වියේ පසුවෙන්නෙකි.
යතුරුපැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 9.30 ට පමණ සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මත්ද්‍රවය ජාවාරමක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

