(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමේ ඡන්ද දකුණු කිරීමේ පත්‍රිකාවේ අත්සන යෙදිය යුතු බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු සභාවේ නොසන්සුන් තාවයක් ඇති විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ ආණ්ඩු පාර්ශ්වයේ බොහෝ පිරිසක් තම අපේක්ෂකයාට ඡන්දය දීමට සූදානමින් සිටින හෙයින් අත්සන් කිරීමෙන් රහස් බාවය නැති වෙන බවයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ එලෙස අත්සන් කළ යුත්තේ සභාවේ ස්ථාවර නියෝග අනුව බවයි.

