(වාරණ ආනන්ද ඉ ජයකොඩි)
අත්තනගල්ල අධිකරණ සංකීර්ණයේ නිළධාරිණියකට කෝවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව නිට්ටඹුව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මනිල් සෝමතිලක මහතා පවසයි.
එම නිලධාරිනිය සමග පළමු ආශ්‍රිතයින් වශයෙන් අධිකරණ සංකීර්ණයේ සේවය කළ සියළු දෙනා ස්වයං නීරෝධායනය පිණිස උදෑසනම නිවාස වලට යැවූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
එම නිළධාරිණිය නිට්ටඹුව කෝලවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් බවත් හමුදා සාමාජිකයෙකු වන ඇගේ සැමියාට හා දරු දෙදෙනාටද මෙයට පෙර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බැවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මනිල් සෝමතිලක මහතා පැවසීය .
මේ අනුව අධිකරණ සංකීර්ණයේ පී.සී.ආර්.පරීක්ෂණ සදහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම මේ මස 18 වැනිදා සිදු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.
වෛරසය ආසාදනය වී ඇති එම නිළධාරිණිය කිසියම් උත්සවයකට සහභාගි වී ඇති හෙයින් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.

