අත්තක් කඩා වැටි බස් නැවතුමේ සිටි තරුණයින් තිදෙනා රෝහලේ


(රංජිත් රාජපක්ෂ)

මාර ගසක විශාල අත්තක් බස් නැවතුම්පොලකට කඩා වැටිමෙන් බස් නැවතුම්පොල තුළ වැස්සට රැදි සිටි තරුණයන් තිදෙනකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එක් තුවාලකරුවකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශ වේල්ලට යාබදව පිහිටි ඔස්බොන් වත්ත ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව තිබේ.

කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට (12) දින පස්වරුවේ අධික වර්ෂාවක් පතිත වු බවත්, වර්ෂාවත් සමග ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලගත් සමග බස් නැවතුම්පොල අසල පිහිටි විශාල මාර ගසක අත්තක් කඩා වැටි ඇති බවත්, අත්ත කඩා වැටිම නිසා බස් නැවතුම්පොල  රැදි සිටි තරුණයන් තිදෙනා තුවාල ලබා ඇති බවෙ නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක් ව ගසේ අත්තට සහ කඩා වැටුණු බස් නැවතුම්පොලේ සිර වි සිටි තරුණයන් තිදෙනා ඉන් මුදවාගෙන රෝහල් ගත කර ඇත.

මාර ගසෙහි අත්ත කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය කිහිපයක් ඇණ හිට තිබුණි.