අත්අඩංගුවට ගත් හිටපු අද්මිරාල් මහාධිකරණයට යොමු කරන්න’යි නියෝග


(නිමන්ති රණසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු රියාර් අද්මිරාල් නන්දන දියබලනගේ මහතා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සැකකරු සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝග නිකුත් කළාය.

වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බැවින් මෙම සැකකරු කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

පාවෙන අවි ගබඩා සිද්ධියකට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් හිටපු අද්මිරාල්වරයා අද (27) උදෑසන ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගැණිනි.