
(එච්. චන්දන)
අයිස් මත් කුඩු ගනුදෙනුවක් සම්බන්ධව පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණය ඉදිරිපත් කළ සැකකාර සුරාබදු පරීක්ෂකවරයා පැය 72 ක් පුත්තලම පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු මහේස්ත්‍රාත් රහිරු එන් සිල්වා මහතා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් 24 දා රාත්‍රි යේ පුත්තලම නගරයේදී පුත්තලම සුරාබදු කාර්යාලයේ සේවය කල මෙම සුරාබදු පරීක්ෂකවරයා හා ඔහුගේ මෝටර් රථය පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි විය.
මොහු තවත් සුරාබදු නියාමකවරයකුට අයිස් මත්කුඩු ග්‍රෑම් 125ක් ලබා දෙන අවස්ථාවේ 23 දා අලුයම පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන 25 දා දහවල් පුත්තලම අධිකරණය ඉදිරිපත් කරණු ලැබුවේ කඩුගන්නාව පදංචි පුත්තලම සුරාබදු කාර්යාලයේ වැඩ බලන ස්ථානාධිපති ලෙස සේවය කල සුරාබදු පරීක්ෂක රණවන ආරච්චිලාගේ වසන්ත උදය රත්න යන අයයි.
සිද්ධිය සම්බන්ධව මුලින් පොලිස් අත්අඩංගුවට පත් දැනට රැඳවුම් නියෝග මත පුත්තලම මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ සිටින සුරාබදු නියාමකවරයා ප්‍රකාශ කර ඇති පරිදි , අයිස් මත් කුඩු රැගෙන ආ බව කියන මෙම සැකකාර සුරාබදු නිලධාරීවරයා ඔහු පැමිණ සිටි මෝටර් රථයකින් මෙම වැටලීම කළ අවස්ථාවේ පලා ගියේය.
මෙම සුරාබදු පරීක්ෂකවරයා හා මීට පෙර මෙම සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගණු ලැබූ සුරාබදු නියාමකවරයා මීට වසර ගණනාවක පෙර අනුරාධපුර සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ සේවය කර ඇති බවට දැනට කරුණු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධ පුත්තලම පොලීසය විශේෂ පරීක්ෂණ පවත්වයි.

