අත්අඩංගුවට ගත් යාපනයේ තරුණයන් 5දෙනා “ආවා කල්ලියට” සම්බන්ධයි?


(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අත්තනගල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ආයුධ සමග කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් යාපනය ප්‍රදේශයේ තරුණයන් පස් දෙනා “ආවා කල්ලිය” සමඟ සම්බන්ධවී සිටි අයවලුන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම තරුණයින්ගෙන් දෙදෙනකු එල් ටී ටී ඊ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ව සිට පුනරුත්ථාපනය වී සමාජ ගතවූ අයවලුන් බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලංකාදීපයට අද (30) පැවසීය.

මොවුන් ගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී කැනඩාවේ පදිංචි කිසියම් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වමින් කටයුතු කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි එම නිලධාරියා සදහන් කළේය.

සැකකාර තරුණයන් පස් දෙනා ‘ආවා කල්ලියේ’ සාමාජිකයන් සමග විවිධ සටන් ඉරියව්වලින් සිටිමින් ලබාගත් ඡායාරූප රාශියක් ද ඔවුන්ගේ ජංගම දුරකතනවල තිබී සොයා ගත් බවද එම නිලධාරීයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම සැකකාර තරුණයින් පස් දෙනාව විදේශයක සිට කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන්නේ දැයි සම්බන්ධයෙන් පු`ථල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.

පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සැකකාර තරුණයන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (29) අත්තනගල්ල කර්මාන්ත ශාලාවක් තුළදීය.

මීට දින කිහිපයකට පෙර මෙම සැකකාර තරුණීයන් පස් දෙනා මිනී ඔ`ථවක රූප සහිත මුහුණු ආවරණ පැළද ගනිමින් කිසියම් පුද්ගලයකු වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා කේක් ගෙඩියක් කපා තිබූ බවට පොලීසියට ලැබූ තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණී.

මොවුන් සේවය කළ පෞද්ගලික කර්මාන්ත ශාලාවේ කබඩ්එකක් තුළ තිබී කිනිසි හතරක් සහ මිනී ඔලුවක රූප සටහන් මුහුණු ආවරණයක්, කර්මාන්ත ශාලා භූමියේ වැසිකිලියක් පිටුපස කෙසෙල් පදුරක් යට සඟවා තිබූ යකඩ කඩු දෙකක් ද සොයා ගත් බව පොලීසිය කියයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරත් ප්‍රශ්න කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා ගත් පැය 72ක රැදවුම් නියෝග මත රඳවා තබගෙන ප්‍රශ්න කිරිම සිදුකරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යඛ්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා ඇතු`ථ නිලධාරින් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වති.