අත්අඩංගුවට ගත් අන්තරේ සිසුන් 53 දෙනා අද අධිකරණයට


(ඉන්දිකා රාමනායක)

අධිකරණ නියෝග නොතකා,  මැතිවරණ නීති උල්ලංඝණය කරමින්  කොළඹ කොටුවේ දී  විරෝධතාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට සරසවි සිසුවිය ඇතුළු සිසුන් 53 දෙනා අද (25)  කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.

මෙම  සිසුන් 53 අතර  අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කාර හිමිනම,  රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, අග්නිදිග සරසවියේ  මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්,  කැලණිය මානව ශාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍යාවක්   සිටි බව  වාර්තා වේ.

මෙම පිරිස වරායේ පොලිසියේ රඳවා සිටින අතර ඔවුන්ගෙන්  ප‍්‍රකාශ සටහන්  කර ගැනීමෙන් පසු   අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි.