(පද්මසිරි ගාර්දියවසම්)
අත් විලංගුවක්,එයට යොදන යතුරක් සහ ගමන් කථන දෙකක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල විතාරන්දෙනිය ඇත්ගාල්මුල්ල ප්‍රදේශයේදී තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
මෙයින් එක් සැකකරුවකු මීගස්ආරේ මිද්දෙනිය ප්‍රදේශයේ ප්‍රකට මැරවරයකු බව පොලිසිය කියයි .
38 වන වියේ පසුවන ඔහු ජූලම්පිටිය මීගස්ආර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් අනෙක් සැකකරු ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ මිද්දෙනිය කුඩගල් ආර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු බවත් පොලිසිය පවසයි .
සැකකරුවන් දෙදෙනා ජීප් රියකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් ජීප් රථය නවත්වා සිදුකළ පරීක්ෂාවකදී එතුළ තිබී සැකකටයුතු අත් විලංගුව සහ ගමන් කථන සොයාගෙන ඇත .
සැකකරුවන් ගමන් ගත් ජීප් රථයද පොලිසිය බාරයට ගෙන තිබේ .

