(ඉන්දිකා රාමනායක)
බොරැල්ල ගෝතමී පාරේ පොලිසිය සිදු කළ වැටලීමකදී ජීව අත්බෝම්බයක් සමග සංචාරක මගපෙන්වන්නෙක් ඊයේ (1) සවස අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ඔබේසේකර මහවාතේ පදිංචි “තඩියා ” නමැති අන්වර්ථ නමින් හදුන්වන 27 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය කියයි.
මොහු කිසියම් අපරාධයක් සිදු කිරීම සදහා මෙලෙස බෝම්බයක් රැගෙන මාර්ගයේ රැදී සිටින්නට ඇති බවට පොලිසිය සැකකරයි.

