අණ නොතකා ධාවනය වූ වෑන් රියක අපරාධ රැකට සම්බන්ධ සැකකරුවන්


(ඉන්දික අරුණ කුමාර)

පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයක් රථයක ගමන්ගත් විවිධ අපරාධ රැසකට   සම්බන්ධ   සැකකරුවන් සිව් දෙනෙක් හා වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
 
ඔවුන් අඩු වටිනාකමකින් යුතු ජංගම දුරකතන අධික මිලක් වටිනා බව හඟවා දඹුල්ල ප්‍රදේශයේ දී අලෙවි කිරිමට උත්සහකර ඇති බව පොලිසිය කියයි.
 
සිද්ධිය වූ අවස්ථාවේ දී ජංගම දුරකතන ලබාගැනීමට පැමිණි තරුණයින් දෙදෙනෙකු සිදුකළ ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව සැකකාර පිරිස වෑන් රථයෙන් දඹුල්ලේ සිට කුරුණෑගල ප්‍රදේශයට පලා ගොස් තිබේ.ඔවුන් පසුපස යතුරු පැදියකින් හඹා ගිය තරුණයින් දෙදෙනා නාඋල පොලිසියට සිද්ධිය පිළිබද දැනුම් දී ඇත.
අනතුරුව සැකකාර වෑන් රථය දඹුල්ල - පහලවැව මාර් ගය ඔස්සේ නාඋල දෙසට ධාවන වී ඇති අතර නාඋල නගරයේ පිහිටි ප්‍රධාන පොලිස් මුර පොළේ දී එම රථය නැවතීමට පොලිසිය අනකර ඇතැත් රථය පොලිස් අන නොතකා ධාවනය කර ඇත.

රථය ලුහු බැද ගමන් ගත් පොලිස් නිළධාරින් පිරිස නාඋල පොලිසියේ සෙසු නිලධාරින්ගේ ද සහාය ඇතිව මහ මග ධාවන වූ ලොරි රථයක් පොලිසිය අසල පිහිටි අතුරු මාර් ගයේ රඳවා පලායන රථය සහ සැකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මෙතෙක් සිදුකරන ලද පරික්ෂණ වලට අනුව රථය ධාවන කළ රියදුරුට රියදුරු බලපත්‍ර දෙකක් පවතින බවත්, එම බලපත්‍ර පරික්ෂාවේදී රියදුරු බලපත්‍රයක හිමිකරුවෙකු රත්නපුර ප්‍රදේශයේ විවිධ අපරාධ ගණනාවකට සම්බන්ධ බව නාඋල පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
 
මීට අමතරව සැකකරුවන්ට විස්වාසය කඩකිරිම්, ව්‍යාජ නම් වලින් පෙනි සිටිම්, එකම නමකින් රියදුරු බලපත්‍ර දෙකක් තබාගැනීම් ඇතුළු චෝදනා රැසක් ලැබූවන් බව නාඋල පොලිසිය සිදුකරන ලද මුලික පරික්ෂණවල දී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
 
අලවි කිරිමට රැගෙන ආ ජංගම දුරකතන 08 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.අත්අඩංගුවට පත් සැකකාර මුස්ලිම් ජාතිකයින් වයස අවුරුදු  35 – 40 අතර වයස් වල පසුවන්නන් බව  ද පොලිසිය කියයි.අත්අඩංගුවට පත් සැකකරැවන් අද  (26) නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.