(දයාරත්න ඇඹෝගම)
සිප්පුකුලම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී විදේශ රටක නිෂ්පාදනය කර තිබූ අඩි 03ක් දිග කඩුවක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිදුනුවැව පාර සිප්පුකුලම පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
මිහින්තලය පොලිසිය ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.
මෙම කඩුව කොපුවක බහා නිවසේ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබිණි.
සැකකරු අද(30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

