
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය
ඒ මහතා එසේ පැවසුවේ හුදෙකලා කරන ලද අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල බහුතරයක් මුස්ලිම් ජනයා පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වමිනී.
කුඩා ඉඩ ප්‍රමාණයක ඉතා විශාල ප්‍රමාණයක ජනතාවක් වෙසෙන අටුලුගම ප්‍රදේශයෙන් පසුගිය දින කීපය තුළ විශාල වශයෙන් කොරොනා රෝගීන් හමු වෙන්න පටන් ගත්තා .
අද වන විට හුදෙකලා කරන ලද එම ග්‍රාම සේවා වසම් වලින් රෝගීන් 143 දෙනකු හමුවෙලා තියෙනවා .එම ජනතාව එම ගැටලුවෙන් මුදා ගන්නට නම් කරන්න දෙන එකම දේ තමයි සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපැදීම ,වගේම පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වීම . නමුත් අද වන විට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවලට දැඩි අර්බුදයක් බවට පත්වෙලා. අටුලුගම ප්‍රදේශයේ සහෝදර මුස්ලිම් ජනතාව පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවීම හේතුව .
අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් නායකයින් අදට වඩා මීට වැඩි උනන්දුවක් දක්වලා තමන්ගේ සහෝදර මුස්ලිම් ජනතාව පි සි අර් පරීක්ෂණ සඳහා යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා .
අටුලුගම ගම මැද්දේ වෙනම පි සි ආර් කණ්ඩායම් පැමිණිලා නිරන්තරයෙන් දිනපතාම මේ කටයුතු ඉතා හොඳින් කරන්න දැඩි කැපවීමක් කරනවා.
උදාහරණයක් හැටියට ඊයේ 25 බණ්ඩාරගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාවෙන් කරන ලද ආරාධනාවක් අනුව දෙසියයකට ආසන්න ප්‍රමාණයක් පි සි ආර් පරීක්ෂණ වලට සහභාගි වුණා .නමුත් අටුලුගම ජනතාව එම ප්‍රදේශයේ තිබූ පි සි ආර් පරීක්ෂණවලට පැමිණියේ තිබුණේ 16 දෙනයි .
මේක විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය අටලුගම ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේක මුළු රටටම වසංගතයක් වෙලා .මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතිය මේ වසංගතය අටුලුගම ට විතරක් නොවේ රටටම වසංගතයක් වෙන්න පුළුවන් .මම ඉතා ඕනෑකමින් අටුලුගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වී සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශ වලට අටුලුගම ජනතාව මේ වසංගතයෙන් මුදවා ගන්න ,මේ රට මේ වසංගතය මුදවා ගන්න පි සි ආර් පරීක්ෂණ වලට ඉදිරිපත් වෙලා තම ආදරණීය මුස්ලිම් ජනතාව මුදා ගන්න කියලා .ඒවගේම මම එම ප්‍රදේශයේ පල්ලිවල නායකයන් ගෙනුත් ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා

