අටවැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට අයිටී - ඒඅයි


(යොහාන් භාසුර)

මෙරට රජයේ පාසල්වල අටවැනි ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ට තොරතුරු තාක්‍ෂණය සහ කෘත්‍රිම බුද්ධිය විෂයන් ලෙස හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් මෙම මස 19 වැනිදා එහි නියමු ව්‍යාපෘතිය තෝරාගත් පාසල් 20 ක ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

දරුවන්ට සිය හැකියාව සහ අභිරුචිය අනුව අනාගතය සැළසුම් කිරීමේ හැකියාව නිර්මාණය කරන බව ද අමාත්‍යවරයා කීය.