(සුමිත් පොතුපිටිය)
බණ්ඩාරගම , අටුලුගම ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු , තවදුරටත් ජුනි 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කලේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනේ බණ්ඩාරගම , අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් මැයි 27 දා බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් අක්‍රම් ෆාතිමා අයේෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සැකපිට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට අද (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර නැවත ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියම කර ඇත.
නීතිඥ අජිත් පී පෙරේරා, සුගත් හදුන්ගේ, යූ.එල්. ජයන්ති ද සිල්වා සහ දුල්ෂිකා රත්නායක යන නීතිඥ මහත්ම මහත්මීන් පැමිණිලි පාර්ශවය පෙනීසිටි අතර , සැකකරු වෙනුවෙන් නීතිඥ සහාය ඊයේ දිනයේත් ලබගෙන නොතිබුණි .
දණ්ඩ නීති සංග්‍රහයේ 296, 345 354 සහ 355 යන වගන්ති යටතේ පොලිසිය විසින් සැකකරුට එරෙහිව චෝදනා නගා තිබේ .
පෙරදින අධිකරණයට ඉදිරිපත් කල සැකකරු විසින් පෞද්ගලික ප්‍රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා සිටීමෙන් පසු අද (01) ඔහු ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාගේ නිළ මැදිරියට කැදවා තිබුණි.
සැකකරු බන්ධනාගාර නිලධාරීන් විශේෂ ආරක්ෂාවක් යටතේ අධිකරණ භූමියට රැගෙන විත් තිබු අතර, අධිකරණ කටයුතු නිමාවෙන් පසු ඔහු නැවත බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අවස්ථාවේ සැකකරු දැක බලාගැනීම සඳහා බොහෝ පිරිසක් අධිකරණ භූමියෙන් පිටත රැදී සිටී අයුරුද දැකගත හැකිවිය.
නඩුව ලබන ජුනි 09 දා යලි නැවත කැදවීමට නියමිතයි.