(බිඟුන් මේනක ගමගේ)
අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටු දෙක මගින් සකස් කළ වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍යට ව්‍යාජ තොරතුරු සැපයීමට එරෙහිව තමන් අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියට පැමිණිලි කරන්නේ යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට ඇමැතිවරිය විසින් ත්‍රිපුද්ගල කමිටු දෙකක් පත්කරනු ලැබ අදාළ වාර්තා පෙබරවාරි මාසයේදී ඇමැතිවරියට බාර දුන් බවට අමාත්‍යාංශ නිලධාරින් ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කළ ද තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම වාර්තා ඉල්ලා සිටීමේදී එවැනි වාර්තාවක් සකස් කර නැති බවට පිළිතුරු ලැබීම ඊට හේතුව යැයි ද පෙරේරා මහතා කීය.
ලියුම්කරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ බන්ධනාගාර අමාත්‍යංශයෙන් කරන ලද විමසුමකට පිළිතුරු වශයෙන් යොමු කෙරුණු ලිඛිත කරුණු දැක්වීමකින් ද මේ බව තහවුරු කෙරිණි.
ඒ අනුව අදාළ පහරදීම සම්බන්ධයෙන් අමාත්‍යංශයට බාර දී ඇත්තේ අතුරු වාර්තාවක් පමණකි.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඞ් රැඳවියන් පිරිසකට එහි ඉහළ නිලධාරින් පිරිසක් විසින් පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනිදා සිදුකරනු ලැබුවේ යැයි කියන වධහිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබුවේ මෙම වසරේ ජනවාරි මාසයේදීය.
බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව රුඳවියන් විරෝධතා පැවැත්වීමට කළ පලිගැනීමක් වශයෙන් මෙසේ වධහිංසා කර ඇතැයි චෝදනා කළ එම සංවිධානය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියටත් තවත් පැමිණිලි දෙකක් කළේය.
එහිදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියගේ නියෝගයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු දෙකක් පත්කෙරිණි.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් එක් ත්‍රිපුද්ගල කමිටුවක් ද කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.
නානායක්කාර, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එම්. බස්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඒ. ස්වර්ණලතා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වන සේ අමාත්‍යංශ මට්ටමින් තවත් ත්‍රිපුද්ගල කමිටුවක් ද අමාත්‍යවරිය විසින් පත්කරනු ලැබිණි.
එම ත්‍රිපුද්ගල කමිටු වාර්තා දෙකම සකසා අවසන් කර අමාත්‍යවරියට බාර දුන් බවට එම කමිටුවල නියෝජිතයන් මාධ්‍යට ප්‍රකාශ නිකුත් කළ නමුත් මෙම තොරතුරු දැනගැනීමේ අයැදුමට ලද පිළිතුරෙන් එය ප්‍රතික්ෂේප කර ඇත.

