අඟුණකොළපැලැස්සේ අනතුරින් එකක් මරුට:14ක් රෝහලට


අඟුණකොළපෑලැස්ස - ඇඹිලිපිටිය මාර්ගයේ මුරවැටිහේන  ප්‍රදේශයේදී  ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් දාහතර දෙනකු තුවාල ලබා ඇතැයි  අඟුණකොළපෑලැස්සපොලිසිය කියයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ ලොරි රථයක් හා ටිපර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් අඟුණකොළපෑලැස්ස රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.