(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුරුවාතොට කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය ඝාතනයට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්‍රධාන සැකකාර හමුදා සෙබලා උකස් තබා ඇත්තේ එම කාන්තාව පැළඳ සිටි රන් මාලය දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගත් පාදුනර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු ඉකුත් 21 ක් වෙනි දින හොරණ නගරයේ උකස් මධ්‍යස්ථානයක් වෙත පැමිණ රන් මාලයක් උකස් කර රුපියල් 48000 මුදලක් ලබාගෙන තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වි තිබිනි.
ඒ බව අනාවරණය වී ඇත්තේ සැකකරුගේ හැඳුනුම්පත අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදීය.
තවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා එම උකස් මධ්‍යස්ථානයෙන් සීසීටීවී දර්ශන ද ලබා ගැනීමට නියමිතය.
ඉකුත් 18 වෙනි දින ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය නිවසින් අතුරුදන් වූ අතර එයින් දින තුනකට පසු එනම් (21) වෙනි ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු මීටර් 700ක් පමණ ඈතින් වූ රත්මල්ගොඩ කැලෑවක තිබී පොලිසිය මගින් මඟින් සොයා ගැනිණි .

